Thursday 18th of June 2026

English Tamil
Advertiesment


එයා අනුර කුමාරද..? බදු කුමාරද..?


2026-02-28 14901

 

බදු ගහන එකෙන්නම් රනිල්ටත් ඉස්සරහින් වගේ

 

ලංකාවේ පවතින බදු රාමුව තුළ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මුදල්,සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය,ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙබරවාරි 24 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

යෝජිත සංශෝධන අතර ප්‍රධාන තැනක් ගන්නේ ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත අයකරන ප්‍රාග්ධන ලාභ බදු ඉහළ නැංවීමයි. දැනට පවතින 10% බදු අනුපාතය 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

සේවා සැපයීමේදී ගෙවීම් ලබන අවස්ථාවේදීම 5% ක බදු මුදලක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කිරීමේ (Withholding Tax) ක්‍රමය යටතට නව වෘත්තීන් රැසක් ඇතුළත් කිරීමට මෙහිදී යෝජනා කර ඇත.විගණකවරුන්, තක්සේරුකරුවන්,පෞද්ගලික පුහුණුකරුවන්, ක්‍රීඩා උපදේශකයන්,කලාකරුවන්, ඡායාරූප ශිල්පීන්, චිකිත්සකයින්, රූපලාවන්‍ය ශිල්පීන්,සමාජ මාධ්‍ය විශේෂඥයන් , සන්නාම තානාපතිවරුන් සහ ණය අයකරන්නන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් හා නිදහස් සේවකයින් ඇතුළත් වේ.

 

රටේ රාළගේ සටහන

 

දැන් තමයි ගජමිතුරු ධනවාදය නියමෙටම ක්‍රියාත්මක වෙන්නේ.

අනුරගේ ගජමිතුරන් මේ රටේ ඡනතාවගේ බදු මුදල් මංකොල්ල කමින් ඉන්නවා.

අනුර කියන්නේ එයාලගේ රූකඩයක්.

මේ අනුර විසින් නිර්මාණය කරපු ගජමිතුරු පැලැන්තියක් නෙවෙයි.

මේ කලින් නායකයන් වටකරගෙන හිටිය ධම්මික පෙරේරලා, ඉෂාර නානායක්කාරලා ඇතුළු නඩයම තමයි.

වෙලා තියෙන්නේ හිටපු පාලයන්නට වඩා හොඳදින් සහ පහසුවෙන් එයාලා අනුරගේ නහය විඳ ගැනීමයි.

ජනතාවනි උඹලා බදු ගෙවපල්ලා.

ලංකාවේ මේ තරම් බදු බරක් කිසිදු ආණ්ඩුවක් ජනතාව මත පටවලා නෑ

ගජ මිතුරන්ට නං මේක ලස්සන රටක් - උන්ට තියෙන්නේ හිතාගන්නවත් බැරි ලස්සන ජීවිතය.

 

- රටේ රාළ -

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment